දකුණු ආසියාව
දකුණු ආසියාව අප ජීවත් වන දකුණු ආසියා ප්‍රදේශයේ සුවිශේෂී භූගෝලීය කලාපයකි. මෙහි පවතින භෞතික හා මානුෂ භූගෝල විද්‍යාත්මක ලක්ෂණවල අනන්‍යතාව හේතුකොට ගෙන වෙනත් භූගෝලීය කලාපවලින් වෙන් කර හදුනාගත හැකිය. මුහුදු මට්ටමේ පිහිටි සුන්දරබාන් වගුරැ බිම මෙන්ම ලොව ඉහළම උන්නතාංශය දක්වන එවරස්ට් කදු මුදුන ද මෙම කලාපයේ පිහිටීම භූ විෂමතාවෙහි විවිධත්වය විදහා දක්වයි. අධික ශීතල ප්‍රදේශ මෙන්ම අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ ද ඝන වනාන්තර වල සිට තෘණ භූමි ප්‍රදේශ දක්වා වෙනස් වන වෘක්ෂලතා ද, මෙහි දේශගුණය හා වෘක්ෂලතාවල විවිධත්වය පිළිබිඔු කරයි. ඒ නිසා ම මෙම කලාපය තුළ මානුෂ ක්‍රියාකාරකම්වල ද කැපී පෙනෙන විවිධත්වයක් දක්නට ලැබේ. දකුණු ආසියා කලාපයට ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය, භූතානය, මාලදිවයින හා ශ්‍රී ලංකාව අයත් වේ. නිකොබාර් දූපත් හා අන්දමන් දූපත් ද දකුණු ආසියානු භූගෝලීය ප්‍රදේශයට අයත් වේ. දකුණු ආසියා කලාපයේ පිහිටුවා ඇති දේශපාලන සංවිධානයක් වන සාර්ක් සංවිධානයට ඇෆ්ගනිස්ථානය ඇතුලු කර අතත් එය භූගෝලීය වශයෙන් අයත් වන්නේ මධ්‍යම ආසියාවටයි. සිතියම මගින් දකුණු ආසියා කලාපයේ සාපේක්ෂ පිහිටීම හදුනාගනිමු. දකුණු ආසියාව උතුර...