දකුණු ආසියාව
දකුණු ආසියාව
අප ජීවත් වන දකුණු ආසියා ප්‍රදේශයේ සුවිශේෂී භූගෝලීය කලාපයකි. මෙහි පවතින භෞතික හා මානුෂ භූගෝල විද්‍යාත්මක ලක්ෂණවල අනන්‍යතාව හේතුකොට ගෙන වෙනත් භූගෝලීය කලාපවලින් වෙන් කර හදුනාගත හැකිය. මුහුදු මට්ටමේ පිහිටි සුන්දරබාන් වගුරැ බිම මෙන්ම ලොව ඉහළම උන්නතාංශය දක්වන එවරස්ට් කදු මුදුන ද මෙම කලාපයේ පිහිටීම භූ විෂමතාවෙහි විවිධත්වය විදහා දක්වයි. අධික ශීතල ප්‍රදේශ මෙන්ම අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ ද ඝන වනාන්තර වල සිට තෘණ භූමි ප්‍රදේශ දක්වා වෙනස් වන වෘක්ෂලතා ද, මෙහි දේශගුණය හා වෘක්ෂලතාවල විවිධත්වය පිළිබිඔු කරයි. ඒ නිසා ම මෙම කලාපය තුළ මානුෂ ක්‍රියාකාරකම්වල ද කැපී පෙනෙන විවිධත්වයක් දක්නට ලැබේ.
දකුණු ආසියා කලාපයට ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය, භූතානය, මාලදිවයින හා ශ්‍රී ලංකාව අයත් වේ. නිකොබාර් දූපත් හා අන්දමන් දූපත් ද දකුණු ආසියානු භූගෝලීය ප්‍රදේශයට අයත් වේ. දකුණු ආසියා කලාපයේ පිහිටුවා ඇති දේශපාලන සංවිධානයක් වන සාර්ක් සංවිධානයට ඇෆ්ගනිස්ථානය ඇතුලු කර අතත් එය භූගෝලීය වශයෙන් අයත් වන්නේ මධ්‍යම ආසියාවටයි.
සිතියම මගින් දකුණු ආසියා කලාපයේ සාපේක්ෂ පිහිටීම හදුනාගනිමු. දකුණු ආසියාව උතුරින් හිමාලය කදු පන්තියෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, මායිම් වී ඇත.
සිතියම අධ්‍යනය කිරීමෙන් දකුණු ආසියා කලාපයේ නිරපේක්ෂ පිහිටීම හදුනා ගනිමු. සිතියමට අනුව දළ වශයෙන් සමකයේ සිට ( අක්ෂාංශ අංශක 0 ) - උතුරැ අක්ෂාංශ අංශක 38 දක්වාත් නැගෙනහිර දේශාංශ අංශක 60 - අංශක 100 දක්වාත් පරාසයක එය විහිදේ. සමස්ත පෘථිවි තලයෙන් 3% ක භූමි ප්‍රදේශයක් මෙම කලාපයට අයත් වේ.
සමකයට උතුරින් පිහිටා ඇති දකුණු ආසියා කලාපයේ පවතින්නේ නිවර්තන දේශගුණයකි. මෙම කලාපයේ සමහර රටවල් දිගු වෙරළ තීරයකින් වට වී ඇති අතර නේපාලය හා භූතානයට වෙරළ තීරයක් හිමි නැත.
භූ දර්ශනය යනු යම්කිසි භූ ප්‍රදේශයක භෞතික පරිසරය හා ඒ මත ගොඩ නැගුණු මිනිස් ක්‍රියාකාරකම් හි සමස්ත යයි.
දකුණු ආසියා කලාපීය භූ දර්ශනය තුළ භෞතික මෙන් ම මානුෂ ක්‍රියාකාරකම් වල විවිධත්වයක් දක්නට ඇත. මෙහි විවිධ වූ භූ දර්ශනයන් හැදෑරීමේ දී එහි ඇති සුවිශේෂී ලක්ෂණ මුල් කරගෙන කොටස් 6 කට බෙදා අධ්‍යයනය කළ හැකිය.
01) කදුකර භූ දර්ශනය
02) නිම්න භූ දර්ශනය
03) වෙරළබඩ භූ දර්ශනය
04) ග්‍රාමීය භූ දර්ශනය
05) කාර්මික හා නාගරික භූ දර්ශනය
06) කාන්තාර භූ දර්ශනය
කදුකර භූ දර්ශනය
දකුණු ආසියා කලාපයේ මාලදිවයින හැර අනෙක් සෑම රටකම කදුකර භූ දර්ශනයට අයත් ලක්ෂණ දක්නට ඇත. ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව වැනි රටවල විවිධ උසින් යුතු කදු පන්තීන් දක්නට ඇති අතර ඒවායේ විවිධාකාර භූ දර්ශන දැක ගත හැකිය.
ඉන්දියාව : හිමාලය වැටිය
පාකිස්ථානය : හින්දුකුෂ්, සුලෙයිමාන් වැටි
ශ්‍රී ලංකාව : මධ්‍යම කදුකරය ඊට උදාහරණ වේ.
නිම්න භූ දර්ශනය
කදුකර භූ දර්ශනයට වඩා බොහෝ සේ වෙනස් භූ දර්ශනයක් නිම්න ආශ්‍රිතව දැකිය හැකිය. දකුණු ආසියා කලාපයේ සුවිශේෂී නිම්න භූ දර්ශන ලෙස,
ඉන්දියාවේ : ගංගා නම් නිම්නය
පාකිස්ථානයේ : සින්දු නිම්නය
ශ්‍රී ලංකාවේ : මහවැලි සහ කැලණි ගං නිම්න
වෙරළබඩ භූ දර්ශනය
ශ්‍රී ලංකාව වටා මුහුදු වෙරළේ සංචාරක කර්මාන්තය ව්‍යාප්තව පවතී. විශේෂ සංචාරක ආකර්ෂණ කලාප ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂිණ මුහුදු තීරය හා නැගෙනහිර වෙරළ තීරය වැනි ප්‍රදේශ වැදගත් වේ. ශ්‍රී ලංකාවෙ වටා අනෙකුත් ප්‍රදේශවල ද සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පහසුකම් සලසා තිබේ. සංචාරක ප්‍රදේශ ආශ්‍රිත රැකියා රාශියක් බිහි වී ඇත.
1. හෝටල් ආශ්‍රිත රැකියා
2. විසිතුරැ භාණ්ඩ අලෙවිය
3. ආයුර්වේද මධ්‍යස්ථාන
4. සංචාරක මග පෙන්වන්නන්
5. වෙළදාම්
6. වරාය ආශ්‍රිත රැකියා
ග්‍රාමීය භූ දර්ශනය
දකුණු ආසියාවේ බහුලවම දක්නට ඇත්තේ ග්‍රාමීය භූ දර්ශනයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපය ග්‍රාමීය භූ දර්ශනයටම හොදම නිදර්ශනයකි. කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය පදනම් කරගත් මෙම භූ දර්ශනය තුළ ජන ඝනත්වය අඩුය. ජනාවාස විවිධ රටා අනුව හැඩ ගැසී ඇත. කෘෂිකාර්මික නිෂ්පාදන පදනම් කර ගත් කර්මාන්ත ද දැක ගත හැකිය. වියළි කලාපය රැලිබිම් සහිත විශාල තැනිතලාවකි. මෙහි ගංගා රාශියක් දැකිය හැකිය.
කෘෂිකර්මාන්තය මෙහි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකමයි. වැව කේන්ද්‍ර කරගනිමින් ගම නිර්මාණය වී ඇති අතර වී වගාව ප්‍රධාන ආර්ථික භෝගය වේ. රටේ මුලු සහල් නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ ද මෙම කලාපයේ ය.
කාර්මික හා නාගරික භූ දර්ශනය
දකුණු ආසියා කලාපයේ භෞතික භූ දර්ශනය තුළ කාර්මික හා වාණිජ ක්‍රියාකාරකම් ආශ්‍රිත නාගරික භූ දර්ශන නිර්මාණය වී ඇත. මෙම ප්‍රදේශය තුළ මිනිසා විසින් ඉදි කරන ලද මාර්ග ජාල, සන්නිවේදන ජාල, වාසස්ථාන සහ පරිපාලන මධ්‍යස්ථාන ඉදිකළ ප්‍රදේශ බහුල ය. මේ පහසුකම් නිසා ජනයා නගර කරා සංකේන්ද්‍රණය වී ඇත. මෙසේ නගරවල ජනයා වැඩි වෙත් ම සේවා පහසුකම් සැපයීමෙන් නගර තව වර්ධනය වේ. දකුණු ආසියාවේ මුම්බායි, දිල්ලිය, චෙන්නායි, කොල්කටා, ඉස්ලාමාබාද්, කරච්චිය හා කොළඹ මෙවැනි නගර වේ.
කාර්මික හා නාගරික භූ දර්ශනය පිළිබද අධ්‍යනය කිරීමට ඉන්දියාවේ මුම්බායි නගරය තෝරා ගනිමු.
1. අතිශයින් සීමිත වූ භූමි ප්‍රමාණයක අධික ජන සංඛ්‍යාවක් වාසය කරති.
2. කර්මාන්තය හා සේවා කටයුතු වර්ධනය වී තිබේ.
3. නිවාස ඝනත්වය අධිකය. බොහෝ විට සිරස්ව ව්‍යාප්තව ඇත.
4. මිනිසුන්ගේ දෛනික සංචලතාව ඉතා අධිකය.
කාන්තාර භූ දර්ශනය
දකුණු ආසියා කලාපයේ කාන්තාර භූ දර්ශනයේ දී තාර් කාන්තාර භූ දර්ශනය පිළිබදව අවධානය යොමු කරේ.
ඉන්දු, පාකිස්ථාන් දේශ සීමාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටා ඇති තාර් කාන්තාරය දකුණු ආසියානු භූ දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණයකි.
1. වැලිතලා සහිත පැතිරැණු භූමිය.
2. මිලිමීටර් 250 ට අඩු වර්ෂාව.
3. අධික වාෂ්පීකරණයක් පැවතීම.
4. අධික උෂ්ණත්වයක් පැවතීම.
Comments
Post a Comment